Sunday, September 1, 2013

NDT කියන්නේ මොකක්ද? - What is NDT?


ආදරණීය නංගි මල්ලී ඔයගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් NDT කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. එයිනුත් අත‍ලොස්සක් දෙනා එය පිලිබදව පූර්ණ දැනුවත්භාවයක් ලබා ඇති. නංගි මල්ලී NDT යන අකුරැ තුනේ තේරැම National Diploma in Technology. එහෙමත් නැත්නම් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව යන්නයි. NDT පාඨමාලාවට සුවිශේෂිත්වයන් බොහොමයි. එයින් ප්‍රධානම කාරණය වන්නේ NDT යනු වර්ථමානයේ විශ්ව විද්‍යාලයක් මගින් පවත්වාගෙන සම්බන්ධීකාරක ඉංජිනේරැවන් දැයට දායාද කරන එකම පාඨමාලාව වීමයි.

මොරටුව විශ්ව විද්‍යාලය තුල ස්ථාපිත කර ඇති මේ පාඨමාලාව වසර 73ක සාඩම්බරණීය ඉතිහාසයකට උරැමකම් කියන අතර 1940දී මෙම පාඨමාලාවේ මව් පාඨමාලාවේ ආරම්භය සිදුවී තියෙනවා.

එදා මෙදා තුර මේ පාඨමාලාව ඔස්සේ සුවිශාල වූ ඉංජිනේරැවන් පිරිසක් විදුලොවට ජනිත වී ඇති බව ප්‍රකාශ කරන්නේ මහත් ආඩම්බරයෙනි.

මෙම පාඨමාලාවේ ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ ඉංජිනේරැවකු වීමේ අටියෙන් උසස් පෙල ගණිත අංශයෙන් හදාරා ඉන් සමත්ව ඉංජිනේරැ පීඨයකට ඇතුලත්වීමට අවස්ථාව නොලද විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ නංගිලා මල්ලිලාට මෙම පාඨමාලාවට ඇතුලත්ව එම ඉංජිනේරැවකු වීමේ සිහිනය සැබෑකරගත හැකිවීමයි.

පළමුවෙන්ම NDT පාඨමාලාවට ඇතුලත්වූවකුට වසර 2ක් විශ්ව විද්‍යාලය තුල න්‍යායාත්මක දැනුම ලැබෙන අතර ඉන් අනතුරැව ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සදහා මාස 6ක කාල පරිච්ඡේද 2ක් ආකාරයෙන් වසර 1ක යන්ත්‍රාගාර පුහුණුවක් ඇත. එම වසර 3ක අධ්‍යාපන කාලසීමාව සාර්ථකව නිම කරන ශිෂ්‍යයින් සම්බන්ධීකාරක ඉංජිනේරැවක ලෙස කාර්මික ක්ෂේත්‍රයට පා තබයි. ඉන් අනතුරැව විවෘත විශ්ව විද්‍යාලයේ B - Tech හෝ CEI, IESL වැනි පාඨමාලාවන් හදාරා වරලත් ඉංජිනේරැවකු වී ඒ ඔස්සේ Msc, Phd උපාධි ලබා ආචාර්ය මහාචාර්ය තත්වයට පත්වූ NDT මැණියන්ගේ දරැවන් බොහෝය.

ඉතින් ඔබගේ ඉංජිනේරැවකු වී‍මේ සිහිනය තවම සැබෑ වී නොමැති නම් NDT පාඨමාලාව හා සම්බන්ධවීමට නොපැකිලෙන්න. ඒ ඔස්සේ ඔබගේ ඉංජි‍නේරැ සිහිනය සැබෑකර ගත හැක.

අනෙක් සුවිශේෂත්වය වන්නේ NDT පාඨමාලාව ඔස්සේ බිහිවුන විශිෂ්ඨ ඉංජිනේරැ වෘත්තිකයින් සුවිශාල වූ පිරිසක් ලොකය පුරා ව්‍යාප්ත වී සිටීමයි. එසේම ඔවුන් මේ පාඨමාලාවේ නියුතු වූවන්ට දක්වන ලැදියාව හා NDT වරැන් අතර පවතින සබදතාවයයි. එම‍ හේතුව නිසාම NDT පාඨමාලාව ඔස්සේ බිහිවන සම්බන්ධීකාරක ඉංජිනේරැවන් සුවිශාලවූ වෘත්තිමය දැනුමකින් යුක්තවීම කාර්යශූරත්වය දැනුම උකහා ගැනීමට ඇති සුවිශේෂී හැකියාවන් නිසා රැකියා වෙලදපොලේ NDT හැදෑරැ‍වකුට ඇත්තේ සුවිශාල ඉල්ලුමකි. එම ඉල්ලුම සැපයීමට සැපයුම නොමැතිවීම නම් කණගාටුවට කරැණකි.

NDT හදාරන පිරිසෙන් 80%ක් පමණ උපාධි පාඨමාලා හැදෑරීමට සුදුසුකම් ලැබුවන් වීම ඔවුන්ගේ හැකියාවන් ඉහල වීමට හේතුවකි.

No comments:

Post a Comment