Sunday, September 1, 2013

NDT පාඨමාලාවට ඉල්ලුම් කරන්නේ කොහොමද? - How to apply NDT / Application / Guide


මේකට සුදුසුකම් ටිකක් ඕනි වෙනවා.

  • උසස්පෙළ ගණිත අංශයෙන් සමත් වී තිබීම.
  • ගැසට් පත්‍රය නිකුත් වූ දිනට වයස අවු. 24ට වඩා අඩු වීම.

මේ සුදුසුකම් ඔයාට තියෙනවා නම් NDT පාඨමාලාවට ඔයාටත් ඉල්ලුම් කරන්න පුලුවන්.

NDT ඉල්ලුම්පත්‍රය Download කරගන්න ඕනි නම් මෙතන්ට යන්න.

ඒ වගේම ඉල්ලුම් පත්‍රය පුරවන්න කලින් දැනගන්න ඕනි ‍දේවල් ගොඩක් තියෙනවා. ඒ විස්තර දැනගන්න සිංහලෙන් මෙතන්ට යන්න. ඉංග්‍රීසියෙන් මෙතන්ට යන්න.

  • තව විස්තර දැනගන්න NDT Web Site එකට මෙතනින් යන්න.


* සැ. යු. - මේ ඉල්ලුම් පත්‍ර වගේම විස්තර ‍අවුරැද්දෙන් අවුරැද්දට වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා මෙතනින් NDT Web Site එකට ගිහින් ඔයාට අදාල අවුරැද්දේ ඉල්ලුම් පත්‍රය වගේම විස්තරත් ගන්න.

NDT එකට අවුරැද්දකට කීයක් ගන්නවාද? ඒ අය ගන්නේ කොහොමද? - Basic Information about NDT entrance


NDT පාඨමාලාවේ Field 9ක් තියෙනවා. එවා මොනවද, ඒවට තොර ගන්නේ කී දෙනෙක්ද කියන එක කලින් පෝසට් වල කියලා තියෙනවා. NDT පාඨමාලාවට වසරකට 350ක් තෝරාගන්නවා. ඒ තෝරාගැනීම සිදුකරන්නේ පහලින් තියෙන විදියටයි.

සාමාන්‍යයෙන් මේ පාඨමාලාවට අවුරැද්දකට 4000ක් විතර ඉල්ලුම් කරනවා. එකෙන් දිස්ත්‍රික් පදනම මත Z score වැඩි 2000ක පමණ පිරිසකට සාමාන්‍ය පොදු පරීක්ෂණයකට (Aptitude Test) කැමති භාෂා මාධ්‍යයකින් මුහුණ දෙන්න සිද්ද වෙනවා. (මේ ගණන් අවුරැද්දෙන් අවුරැද්දට වෙනස් වෙන්න පුලුවන්) මෙම පරීක්ෂණය පවත්වන්නේ මොරටුව විශ්ව විද්‍යාලයීය තාක්ෂණික ආයතනය මගින්. එම පරීක්ෂණය A-Level සාමාන්‍ය පොදු පරීක්ෂණය වගේමයි. (‍පේපර් එක ගැන, පාස්ට් පේපර්ස් එහෙම වෙනම පෝස්ට් එකකින් දාන්නම්) . ඊට පස්සේ මේ විභාගය සමත් වූ පිරිස තොරාගන්නවා. එකෙදී යම්කිසි ලකුණක් තීරණය කරලා ඒකට වැඩිපුර Aptitude Test එකට ලකුණු ගත්තු අයව තොරාගෙන ඒකෙන් දිස්ත්‍රික් පදනම මත වැඩිම Z score හිමි අයව NDT පාඨමාලාවට තොරාගන්නවා. ඒ වගේම මේ Aptitude Test එකට ගන්න ලකුණ ඔයා ඉල්ලුම් පත්‍රයේ අනුපිලිවෙලට තෝරලා තියෙන Field වලින් එකකට යොමු කරන්නත් බලපානවා. ඒ කියන්නේ ඔයාගේ A-Level Z score එක වගේම Aptitude Test එකට ගන්න ලකුණත් NDT ඒකට ‍එන්න ගොඩක් වැදගත් වෙනවා.

NDT පාඨමාලා - Courses/ Fields in NDT


1. විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරැ තාක්ෂණය
(Electronic & Telecommunication Engineering Technology)

වසරකට 40ක් බදවා ගන්නා මෙම ක්ෂේත්‍රය හැදෑරීමෙන් දුරකතන සේවා (Telecommunication) රෑපවාහිනී හා ගුවන්විදුලි සේවා පරිගණක ජාලකරන සේවා වැනි රැකියාවන්හි නියක්කත වීමට හැකියාව ලැබේ. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන කීපයක් නම්

  • Srilanka Telecom, Lankabell
  • Hutch, Dialog
  • Rupawahini
  • Lanka Transformer
  • Srilankan Airline

2. විදුලි ඉංජිනේරැ තාක්ෂණය
(Electrical Engineering Technology)

වසරකට 40 ක් බදවා ගන්නා අතර මෙමගින් ආවරණය කෙරෙන විෂය ක්ෂේත්‍රයන් නම් ජල විදුලිබල තාක්ෂණය (Hydropower) තාප විදුලිබල තාක්ෂණය (Thermo Electricity) විදුලිබල බෙදාහැරීම (Power Distribution) බල පද්ධති පාලනය (Power Control & Electronics) ආදිය වේ.
පහත සදහන් ආයතන වල ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සපයයි.

  • Ceylon Electricity Board (C.E.B)
  • Lanka Transformer
  • Electro Serve Company & Ltd
  • Ceylon Water Board
  • Ceylon Tobacco Company

3. රසායන ඉංජිනේරැ තාක්ෂණය
(Chemical Engineering Technology)

සිසුන් 25ක් බදවා ගන්නා අතර මෙම ක්ෂේත්‍රය රසායනික කර්මාන්ත ආශ්‍රිත පෙ‍ට්‍රෝලියම් නිෂිපාදනය කඩදාසි නිෂ්පාදනය සබන් ක්ෂාලක පොහොර නිෂ්පාදනය ආදී රැකියාවල නිරතවීමට අවස්ථාව ලැබේ. මෙම ක්ෂේත්‍රයේ යන්ත්‍රාගාර පුහුණුව සදහා ලැබෙන ආයතන කිහිපයක් නම්

  • Palawaththa Sugar
  • Sewanagala Sugar
  • Unilever CIC Paints
  • Caltex
  • Elephant House

4. සිවිල් ඉංජිනේරැ තාක්ෂණය
(Civil Engineering Technology)

සිවිල් ඉංජිනේරැ ක්ෂේත්‍රය යනු ගොඩනැගිලි ඉදිකිරීම, මං මාවත් හා වාරි මාර්ග මූලික කරගත් විෂය ක්ෂේත්‍රයකි. මේ සදහා වසරකට සිසුන් 80 ක් ඇතුලත් කර ගන්නා අතර විෂය නිර්දේශය දෙස බැලීමේදී ඉතා පුලුල්ම විෂය නිර්දේශයක් මෙමගින් ආවරණය කරයි.

  • Maga
  • Sierra
  • RC-DC, RDA
  • ICC
  • KUMA-GI
  • Sanken

ආදී විශාල ආයතන සංඛ්‍යාවක් මෙම සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුවීම් සදහා පහසුකම් සපයයි.

5. යාන්ත්‍රික ඉංජිනේරැ තාක්ෂණය
(Mechanical Engineering Technology)

සිසුන් 60ක් වසරකට ඇතුලත් කරගන්නා මෙම ක්ෂේත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදේ.

1. ස්වයං චාලන ඉංජිනේරැ තාක්ෂණය  (Automobile)

2. නිෂ්පාදන ඉංජිනේරැ තාක්ෂණය (Production)

  • Loadstar
  • Dockyard
  • Fort
  • Dimo
  • C.G.R

ඔවුන්ට ප්‍රායෝගික පුහුණුව සදහා පහසුකම් සපයන ආයතන වේ.

6. නාවික ඉංජිනේරැ තාක්ෂණය
(Marine Engineering Technology)

NDT නාවික ඉංජිනේරැ පාඨමාලාව 1978 දී UNESCO             ආධාර ඇතිව ආරම්භ කළ අතර මෙම ක්ෂේත්‍රය සදහා වසරකට සිසුන් 15ක් ඇතුලත් කර ගනී. සාර්තකව පාඨමාලාව අවසන් කළ පසු නැවක නාවික ඉංජිනේරැවකු වශයෙන් හෝ ගොඩබිමේදී නැව් අලුත්වැඩියාව සහ බලශක්ති නිෂ්පාදනාගාර නඩත්තු ඉංජිනේරැ යන ‍ක්‍ෂේත්‍රවලට යොමුවිය හැක. වසර 2ක අධ්‍යයන කාලයකින් සහ වරාය අධිකාරිය තුල හා කොළඹ නැව් තටාකාංගනය (Colombo Dock Yard) තුල මාස 6 බැගින් වූ පුහුණුවකට තම තෙවනි වසර තුලදී ඔවුන් යොමු කරයි. NDT නාවික ඉංජිනේරැ පාඨමාලාව ISO 9002 තත්ව සහතිකයද හිමිකරගත් විශේෂ පාඨමාලාවකි.

7. නෞකා චාලන හා අධ්‍යන පාඨමාලාව
(Nautical Studies Technology)

1987 වසරේදී ආරම්භ වූ මෙම පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලට හා නාවික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වාගෙන යන අතර වසරකට සිසුන් 15ක් ඇතුලත් කර ගනී. ජාත්‍යයන්තර පිළිගැනීමක් ඇති නාවුක නිලධාරීන් (Deck Officers) බිහිකිරීම මෙම පාඨමාලාවේ මූලික අරමුණයි. මෙම පාඨමාලාවට ISO 9002 තත්ව සහතිකය හිමිවී ඇති අතර දකුණු ආසියාව තුල නිදහස් අධ්‍යාපන යටතේ ඇති එකම Nautical පාඨමාලාව වේ.

8. පොලිමර් ඉංජිනේරැ තාක්ෂණය
(Polymer Engineering Technology)

වසරකට 20ක් බදවාගන්නා මෙම ‍ක්ෂේත්‍රය බහු අවයවික නිෂ්පාදනය එනම් ප්‍රධාන වශයෙන් රබර් (Natural & Synthetic) ප්ලාස්ටික් සහ ෆයිබර් (Fibre) පිළිබදව අධ්‍යනය කරයි. පොලිමර් තාක්ෂණය ශ්‍රී ලංකාවේ විශේෂයෙන් අධ්‍යයනට කරනු ලබන්නේ NDT පාඨමාලාව තුළ පමණි.

  • Dry Rubber - CEAT, DSI, Arpico
  • Latex - Ancell Lanka, Lalan
  • Plastic - Anton, Damro, S-Lon
  • Paints & Adhesives Industries

9. පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණය
(Textile & Clothing Technology)

වසරකට 50ක් ඇතුලත් කර ගන්නා මෙම පාඨමාලාව නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාලයක් තුළ පවත්වන එකම පේෂකර්ම ඩිප්ලොමා පාඨමාලාව වේ. මෙහිදී නූල් නිෂ්පාදනය (Yarn Manufacturing) වෙළදකරණය (Marketing, Merchandising) විවීම (Weaving) යන විෂය ක්ෂේත්‍ර ආවරණය කෙරේ. ඔවුන් යන්ත්‍රාගාර පුහුනුව ලබන ආයතන කිහිපයක් ලෙස.

  • Slim Line
  • Body Line
  • Shadow Line
  • Mas Engineering Centre
  • Smart Shirts
  • Brandix

NDT කියන්නේ මොකක්ද? - What is NDT?


ආදරණීය නංගි මල්ලී ඔයගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් NDT කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. එයිනුත් අත‍ලොස්සක් දෙනා එය පිලිබදව පූර්ණ දැනුවත්භාවයක් ලබා ඇති. නංගි මල්ලී NDT යන අකුරැ තුනේ තේරැම National Diploma in Technology. එහෙමත් නැත්නම් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව යන්නයි. NDT පාඨමාලාවට සුවිශේෂිත්වයන් බොහොමයි. එයින් ප්‍රධානම කාරණය වන්නේ NDT යනු වර්ථමානයේ විශ්ව විද්‍යාලයක් මගින් පවත්වාගෙන සම්බන්ධීකාරක ඉංජිනේරැවන් දැයට දායාද කරන එකම පාඨමාලාව වීමයි.

මොරටුව විශ්ව විද්‍යාලය තුල ස්ථාපිත කර ඇති මේ පාඨමාලාව වසර 73ක සාඩම්බරණීය ඉතිහාසයකට උරැමකම් කියන අතර 1940දී මෙම පාඨමාලාවේ මව් පාඨමාලාවේ ආරම්භය සිදුවී තියෙනවා.

එදා මෙදා තුර මේ පාඨමාලාව ඔස්සේ සුවිශාල වූ ඉංජිනේරැවන් පිරිසක් විදුලොවට ජනිත වී ඇති බව ප්‍රකාශ කරන්නේ මහත් ආඩම්බරයෙනි.

මෙම පාඨමාලාවේ ඇති අනෙක් සුවිශේෂත්වය වන්නේ ඉංජිනේරැවකු වීමේ අටියෙන් උසස් පෙල ගණිත අංශයෙන් හදාරා ඉන් සමත්ව ඉංජිනේරැ පීඨයකට ඇතුලත්වීමට අවස්ථාව නොලද විශිෂ්ඨ ප්‍රතිඵල ලැබූ නංගිලා මල්ලිලාට මෙම පාඨමාලාවට ඇතුලත්ව එම ඉංජිනේරැවකු වීමේ සිහිනය සැබෑකරගත හැකිවීමයි.

පළමුවෙන්ම NDT පාඨමාලාවට ඇතුලත්වූවකුට වසර 2ක් විශ්ව විද්‍යාලය තුල න්‍යායාත්මක දැනුම ලැබෙන අතර ඉන් අනතුරැව ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සදහා මාස 6ක කාල පරිච්ඡේද 2ක් ආකාරයෙන් වසර 1ක යන්ත්‍රාගාර පුහුණුවක් ඇත. එම වසර 3ක අධ්‍යාපන කාලසීමාව සාර්ථකව නිම කරන ශිෂ්‍යයින් සම්බන්ධීකාරක ඉංජිනේරැවක ලෙස කාර්මික ක්ෂේත්‍රයට පා තබයි. ඉන් අනතුරැව විවෘත විශ්ව විද්‍යාලයේ B - Tech හෝ CEI, IESL වැනි පාඨමාලාවන් හදාරා වරලත් ඉංජිනේරැවකු වී ඒ ඔස්සේ Msc, Phd උපාධි ලබා ආචාර්ය මහාචාර්ය තත්වයට පත්වූ NDT මැණියන්ගේ දරැවන් බොහෝය.

ඉතින් ඔබගේ ඉංජිනේරැවකු වී‍මේ සිහිනය තවම සැබෑ වී නොමැති නම් NDT පාඨමාලාව හා සම්බන්ධවීමට නොපැකිලෙන්න. ඒ ඔස්සේ ඔබගේ ඉංජි‍නේරැ සිහිනය සැබෑකර ගත හැක.

අනෙක් සුවිශේෂත්වය වන්නේ NDT පාඨමාලාව ඔස්සේ බිහිවුන විශිෂ්ඨ ඉංජිනේරැ වෘත්තිකයින් සුවිශාල වූ පිරිසක් ලොකය පුරා ව්‍යාප්ත වී සිටීමයි. එසේම ඔවුන් මේ පාඨමාලාවේ නියුතු වූවන්ට දක්වන ලැදියාව හා NDT වරැන් අතර පවතින සබදතාවයයි. එම‍ හේතුව නිසාම NDT පාඨමාලාව ඔස්සේ බිහිවන සම්බන්ධීකාරක ඉංජිනේරැවන් සුවිශාලවූ වෘත්තිමය දැනුමකින් යුක්තවීම කාර්යශූරත්වය දැනුම උකහා ගැනීමට ඇති සුවිශේෂී හැකියාවන් නිසා රැකියා වෙලදපොලේ NDT හැදෑරැ‍වකුට ඇත්තේ සුවිශාල ඉල්ලුමකි. එම ඉල්ලුම සැපයීමට සැපයුම නොමැතිවීම නම් කණගාටුවට කරැණකි.

NDT හදාරන පිරිසෙන් 80%ක් පමණ උපාධි පාඨමාලා හැදෑරීමට සුදුසුකම් ලැබුවන් වීම ඔවුන්ගේ හැකියාවන් ඉහල වීමට හේතුවකි.